
ජාතික ඩෙංගු මර්දන වැඩසටහනට සමගාමීව සිදුකරන ලද පරීක්ෂාවකදී නිවසක තිබී ගිනි අවියක් සොයා ගෙන තිබෙනවා.
බත්තරමුල්ල පැලවත්ත ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේදී සජීවී මදුරු කීටයන් මෙන්ම මෙම ගිනි අවිය ද සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ. ගිනි අවිය සමග නිවෙස් හිමි කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය ප්‍රකාශ කළා.














