එක් දිස්ත්‍රික්කයකට එක් නගරයක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් මෙම වසරේදී ක්‍රියාත්මක කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා .
මෙම ව්‍යාපෘතිය නාගරික සංවර්ධන අධිකාරියට ලැබෙන ආදායම් කළමණාකරණය කර ගනිමින් පෞද්ගලික අංශය සමඟ එක්ව සිදු කිරීමටයි තීරණය කර ඇත්තේ .
එම ව්‍යාපෘතිය සඳහා රජයේ අරමුදල් යොදා නොගන්නා බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළා .
අමාත්‍යවරයා මෙම අදහස් පල කලේ නාගරික සංවර්ධන අධිකාරියේ ශ්‍රවණාගාරයේදී පැවති උත්සවයකට එක් වෙමින් .