මෙවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටි දරුවන්ට වෘත්තිය පුහුණුවක් ලබාදීමේ වැඩසටහන අද සිට ආරම්භ කෙරෙනවා.
මේ අනුව දිවයින පුරා මධ්‍යස්ථාන 300 ක් යොදාගනිමින් අදාළ වැඩසටහන සිදුකිරීමට නියමිත බවයි අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කළේ.
මෙහිදි ලියාපදිංචි වූ සිසුන් පස්වරු 2 ට පෙර තමන්ට අදාළ මධ්‍යස්ථාන වෙත පැමිණෙන ලෙසද අධ්‍යාපන අමාත්‍යංශය ඉල්ලා සිටියා.
උසස් පෙළ ඉංග්‍රීසි භාෂාව, මාර්ගෝපදේශනය හෝ තමන් කැමති වෘත්තිය විෂයක් නොමිලේ හැදෑරීමට සිසුන්ට මෙමගින් අවස්ථාව සලසා දී තිබෙනවා.