ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ඊශ්‍රායල පාලනය යටතේ පවතින සිරියානු භූමි ප්‍රදේශයේ සංචාරය කර තිබෙනවා.
මෙම සංචාරය අනීතික බවයි සිරියාව අවධාරණය කළේ.
එය දැඩිව හෙලා දකිමින් එරට විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර තිබුණා.
එහි දක්වා ඇත්තේ මෙය තම රටෙහි ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව දැඩි ලෙස උල්ලංඝනය කිරීමක් බවයි.
ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා සංචාරය සිදුකළ ප්‍රදේශය සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ගේ පාලනය බිද වැටීමෙන් පසු ඊශ්‍රායලය සිය භටයන් යොදවා ආරක්ෂක කලාපයක් ලෙස අත්පත්කරගනු ලැබුවා.
මෙම සංචාරය හරහා කලාපයේ පවතින නොසන්සුන්කාරී තත්ත්වය තවදුරටත් වර්ධනය වනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
උණුසුම් පුවත්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
- නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල














