
ඊජිප්තු වෙරළ තීරයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ අද අලුයම රික්ටර් මාපක 5.4 ක ප්‍රබලත්වයෙන් යුත් භූකම්පනයක් සිදුව ඇති බව ජර්මානු භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය වාර්තා කරනවා. එම මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කරන්නේ, මෙම භූ කම්පනය පෘථිවි පෘෂ්ඨයේ සිට කිලෝමීටර 10 ක් පමණ ගැඹුරින් සිදුව ඇති බවයි. කෙසේ වෙතත්, අනතුරෙන් සිදුවූ ජීවිත හානි හෝ දේපළ හානි පිළිබඳව මෙතෙක් කිසිදු වාර්තාවක් ලැබී නොමැති බව සඳහන්.














