
ඊයේ රාත්‍රියේ සිට මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඇඳහැළෙන අධික වර්ෂාව හේතුවෙන් ඩෙවෝන් ඇළ පිටාර ගලා තිබෙනවා. මේ හේතුවෙන්, කොටගල කොමර්ෂල් ප්‍රදේශයේ සහ ලොග්ගිල් වතුයායේ නිවාස 40ක් ජලයෙන් යට වී ඇති බවයි වාර්තා වන්නේ. කෙසේවෙතත්, එම නිවාසවල පදිංචිකරුවන් තාවකාලිකව ආරක්ෂිත ස්ථාන කරා යොමුකර තිබෙනවා.














