ඉරාන – පකිස්තාන ගෑස් නල මාර්ග ව්‍යාපෘතියට අදාළ ගිවිසුම අත්හිටුවන ලෙස පකිස්ථානය ඉරානයට දැනුම් දී ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා.
එම මාධ්‍ය වාර්තා කළේ ඩොලර් බිලියන ගණනක වටිනාකමකින් යුත් එම ව්‍යාපෘතිය අත්හිටුවීම ඉරානයට දැඩි බලපෑමක් එල්ල කරනු ඇති බවයි.
රාජ්‍ය පාලනයෙන් පිටත බාහිර සාධක හේතුවෙන් අදාළ ව්‍යාපෘතිය අත්හිටුවන බවයි පකිස්තානය දැනුම් දී ඇත්තේ.
කෙසේවෙතත් ඉරානය දැනටමත් ඔවුන්ට අයත් කොටසක නල මාර්ග එලීමේ කටයුතු රැසක් අවසන් කර ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.
ජාත්‍යන්තරය විසින් ඉරානයට පැනවූ සම්බාධක හමුවේ එම නල ව්‍යාපෘතියට බාධා එල්ල වූ අතර එම කටයුතු ඉදිරියට පවත්වා ගෙන යාමට පකිස්තානයට හැකි වූයේ නැහැ.
උණුසුම් පුවත්
- ශ්‍රී පාද වන්දනාවේ පැමිණ ආපසු යමින් තිබු මෝටර් රථයක් අනතුරට
- ලිදුල අග්‍රාඔය යකඩ පාලම කැඩී යෑමෙන් පවුල් 800ක් පමණ දැඩි ලෙස පීඩාවට
- ඉදිරි පැය 36ට කාලගුණ තත්ත්වය
- කොළඹට විශේෂ රථ වාහන සැලස්මක්
- අකුරේගොඩ වෙඩිල්ලේ අනෙක් වෙඩික්කරුත් අත්අඩංගුවට
- නිවාස වැඩසටහන යටතේ නිවාස ඉදිකිරීමට සැලසුම්
- විශිෂ්ඨතම වෙරළ තීරයන් අතරට මිරිස්ස සහ බෙන්තොටත්
- පන්නිපිටියේ අනතුරකින්අයෙකු මරුට














