අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගතකර සිටි පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් නිදහස් කරන ලෙසට එරට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ නියෝග කළ බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කර තිබෙනවා.
ඔහුව දැඩි ආරක්ෂාවක් යටතේ එරට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී ඇති බවයි එම මාධ්‍ය වාර්තා වල සදහන් වන්නේ.
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් පැවති නඩු විභාගයක් සඳහා ඉදිරිපත්වීමට ඉස්මාලාබාද් අධිකරණය වෙත පැමිණි අවස්ථාවේදී පාකිස්තාන හිටපු අගමැතවරයා පසුගියදා අත්අඩංගුවට ගනු ලැබුවා.