මෙරට මුහුදු තීරයට අනවසරෙන් ඇතුලු වී ධීවර කටයුතු වල නිරත වු ඉන්දීය ධීවරයින් 21ක් දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
ඩෙල්ෆ් දූපතට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේ මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් අනවසර ධීවර කටයුතුවල යෙදි සිටියදී මෙම ඉන්දීය ධීවරයින් නාවික හමුදා භාරයට ගෙන ඇත්තේ යාත්‍රා දෙකක් ද සමඟයි.
උතුරු නාවික විධානයේ නිලධාරීන් මගින් තම භාරයට ගත් මෙම ඉන්දීය ධීවරයින් 21ක් දෙනා සහ යාත්‍රා දෙක කන්කසන්තුරය වරාය වෙත රැගෙන ඒමටයි කටයුතු කර ඇත්තේ.
අනතුරුව යාත්‍රා හා ධීවරයින් ඉදිරි නීතිමය කටයුතු සඳහා මයිලඩි ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාරදීමටයි නාවික හමුදාව කටයුතු කර තිබෙනවා.
මෙම වසරේ මේ දක්වා වු කාලය තුළ මෙරට මුහුදු තීරයට අනවසරෙන් ඇතුලු ඉන්දීය ධීවර යාත්‍රා 18ක් සහ ධීවරයින් 146 දෙනෙකු නාවික හමුදාව සිය භාරයට ගෙන ඇති බව සඳහන්.
උණුසුම් පුවත්
- අලුත් මැ:කෝ වැඩ භාර ගනියි
- 22 සිට වැස්ස වැඩි වෙයි ? – VIDEO –
- විපක්ෂයේ රැළි ගණන් ගන්නේ නෑ ! – නි:ඇමති ප්‍රසන්න – VIDEO –
- දියවැඩියා දිනය වෙනුවෙන් නොමිලේ සෞඛ්‍ය කඳවුරක්
- ක්‍රීඩක රොනාල්ඩෝට පළමු වතාවට රතු කාඩ්පතක්
- සුවසැරිය බලඇණිය 500 දක්වා ඉහළ නැංවීමට සැලසුම්
- චීනයේ පැරනි පන්සලක් ගිනි ගෙන විනාශ වෙයි
- පදියතලාව අය වැයත් මාලිමාව පරදියි













