
වසරේ මුල් මාස 7 තුළ මෙරට ඉන්ධන ආනයන සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 3,622ක් වැය කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. මහ බැංකුව පෙන්වා දෙන්නේ එය පසුගිය 2025 වසරේ එම කාලයට සාපේක්ෂව 59.9%ක ඉහළ යෑමක් වන බවයි. මේ අතර මාසික ඉන්ධන ආනයන වියදම සලකා බැලීමේදී පසුගිය ජූලි මාසයේදී ඉන්ධන ආනයනය සඳහා රජය අමෙරිකානු ඩොලර් මිලියන 453ක්ද වැය කර තිබෙනවා. කෙසේ නමුත් එය පසුගිය ජූනි මාසයට සාපේක්ෂව අඩු වීමක් බවයි මහ බැංකුව පෙන්වා දෙන්නේ.














