ඉන්දුනීසියාවේ, බටහිර සුමාත්‍රා පළාතේ මෙන්ටවායි දූපත් අසල බෝට්ටුවක් පෙරළී යාමෙන් අතුරුදන් වූ පුද්ගලයින් සොයා එරට ගලවා ගැනීමේ කණ්ඩායම් තවදුරටත් මෙහෙයුම් සිදු කරන බව විදෙස් වාර්තාවල දැක්වෙනවා. අයහපත් කාලගුණය හේතුවෙන් ඊයේ පස්වරුවේ බෝට්ටුවක් පෙරළී යාමෙන් මෙම අනතුර සිදුව තිබුණා. අනතුරු සිදුවන අවස්ථාවේ දී බෝට්ටුවේ පුද්ගලයින් 18 දෙනෙකු ගමන් කර ඇති බව සඳහන්. කෙසේ වෙතත් ඔවුන් අතුරින් පුද්ගලයින් දස දෙනෙකු එරට රාජ්‍ය නිලධාරීන් පිරිසක් බවයි විදෙස් වාර්තාවල වැඩිදුරටත් දැක්වුණේ.