ඉන්දීය හමුදා විසින් අද අලුයම එල්ල කළ මිසයිල ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර එල්ලකිරීමට පාකිස්තානය මෙහෙයුමක් ආරම්භකර ඇති බව විදේශ මාධ්‍ය පවසනවා.
පාකිස්තානයේ ආරක්ෂක ආරංචි මාර්ග උපුටා දක්වමින් විදේශ මාධ්‍ය පැවසුවේ, ඉස්ලාමාබාද් නගරයෙන් පිටත ගුවන් හමුදා කඳවුරු තුනක් ඇතුළු ප්‍රදේශ කිහිපයකට ඉන්දියාව විසින් මිසයිල ප්‍රහාර එල්ලකළ බවයි.
මේ අතර ඉන්දීය පරිපාලන කාශ්මීරයේ ශ්‍රීනගර් නගරයේ පිපිරීම් ඇසුණු බවද වාර්තා වනවා.