ඉන්දියාවේ ප්‍රථම ”නමෝ භාරත්” අධිවේගී නාගරික මගී ප්‍රවාහන දුම්රිය කොරිඩෝව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතින් ඊයේ විවෘත කර තිබෙනවා.
නවදිල්ලි නුවර සහ උත්තර ප්‍රාන්තයේ මීරුට් නගර යාකරමින් ඇරඹි මෙය එරට මගී ප්‍රවාහන ක්ෂේත්‍රයේ දැවැන්ත පෙරළියක් බව සඳහන්.
පැයට කිලෝමීටර 120 ක වේගයකින් දුම්රිය ධාවනය කිරීමට නියමිත මාර්ගයේ දුර කිලෝමීටර් 82.5 ක්.
ඒ අනුව එම ගමනාන්ත දෙක අතර ගමන් කාලය මිනිත්තු 55 ක් බවයි වාර්තා වන්නේ.
මේ අතර කෙටි දුර මීරුට් මෙට්‍රෝ දුම්රිය සේවයද ආරම්භ කර තිබෙනවා.











