එක්සත් ජාතීන්ගේ ආරක්ෂ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා ගැනීම සඳහා ඉන්දියාවට සහයෝගය ලබාදෙන බවට අමෙරිකාව යළිත් අවධාරණය කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය පැවසුවේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ අමෙරිකානු රාජ්‍ය සංචාරයේදී අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ඒ බව තහවුරු කර ඇති බවයි.
එමෙන්ම න්‍යෂ්ටික සැපයුම්කරුවන්ගේ කණ්ඩායමේ සාමාජිකත්වය සඳහා ද ඉන්දියාවට සහය ලබාදෙන බව ද අමෙරිකානු ජනාධිපතිවරයා නැවත තහවුරු කර ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.
එමෙන්ම නායකයින් දෙපළ විසින් නිදහස්, විවෘත, සාමකාමී සහ සමෘද්ධිමත් ඉන්දිය -පැසිෆික් කලාපයක් සඳහා ඔවුන්ගේ කැපවීම ද අවධාරණය කර ඇතැයි සඳහන්.
එම කලාපය වෙත සිදුකරන බලහත්කාර මැදිහත්වීම් සහ ආතතීන් පිළිබඳව කනස්සල්ල පළ කළ ඉන්දු – අමෙරිකානු නායකයින් කලාපයේ පවතින තත්ත්වය වෙනස් කිරීමට උත්සාහ කරන ඒකපාර්ශ්වික ක්‍රියාමාර්ගවලට විරුද්ධත්වය ප්‍රකාශ කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.
කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන කිසියම් රටකට චෝදනා කළේ ද යන්න වාර්තා වී නැහැ.
උණුසුම් පුවත්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
- නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල
- කුෂ් කිලෝ 46කට අධික ප්‍රමාණයක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට













