යුක්රේනයට සාම ක්‍රියාවලියක් ගෙන ඒම සඳහා දායක වීමට ඉන්දියාව සූදනම් බව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසා තිබෙනවා.
විදෙස් මාධ්‍ය පැවසුවේ ඉකුත්දා සිදු කෙරුණු සිය ප්‍රංශ සංචාරය අතරතුර එරට ජනාධිපති එම්මානුවෙල් මැක්රන් හමුවී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇති බවයි.
යුක්රේනයේ පවතින ගැටුම් මෙන්ම කොවිඩ් වසංගතය හමුවේ ගෝලීය දකුණට එල්ල වී ඇති ඍණාත්මක බලපෑම් සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කර තිබෙනවා.
සියලු රටවල් අත්වැල් බැඳගෙන මෙම ගැටලු විසඳා ගැනීම වැදගත් බවයි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එහිදී අවධාරණය කර ඇත්තේ.
ප්‍රහාරක ජෙට් යානා සහ සබ්මැරීන ගනුදෙනුවකට ද එහිදී නායකයින් දෙපළ අත්සන් තබා තිබෙනවා.
උණුසුම් පුවත්
- වියට්නාම ජනපති අද දිවයිනට
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
- පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- යාපනයේ පුද්ගල ඝාතනයක්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්













