ඉන්දියාව සමග වෙළඳ සබඳතා ශක්තිමත් කර ගැනීමට අමෙරිකාව සුදානම වනවා. ඉන්දියාව සහ අමෙරිකාව අතර ආයෝජන ඉහළ නැංවීම සම්බන්ධයෙන් ද සාකච්ඡා සිදු කර තිබෙනවා.ඒ අමෙරිකානු වාණිජ ලේකම්වරියගේ ඉන්දිය සංචාරය අතරතුරදීයි.
දෙරටේ පුද්ගලික ආයෝජන දිරිගැන්වීම හා දෙරට අතර වෙළඳ කටයුතු සම්බන්ධයෙන් නව අවබෝධතා ගිවිසුමකට එළඹීම සම්බන්ධයෙන් ද අමෙරිකානු වාණිජ ලේකම්වරියගේ ඉන්දීය සංචාරයේදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් ව තිබෙනවා.
එමෙන්ම අමෙරිකානු වාණිජ ලේකම්වරිය සිය ඉන්දියානු සංචාරය සඳහා පැමිණ තිබුණේ අමෙරිකාවේ ඉහළ පෙළේ සමාගම් 10 ක ප්‍රධාන විධායක නිලධාරීන් සමග වීම විශේෂත්වයක්.
තාක්ෂණික උපකරණ වෙළඳපල වෙත කෙරෙන සැපයුම් ඉහළ නැංවීම සහ ගෝලීය සැපයුම් ජාලයේ ප්‍රමුඛ හවුල්කරුවන් වීම අමෙරිකාවේ සහ ඉන්දියාවේ අපේක්ෂාවයි.
උණුසුම් පුවත්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
- නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල













