
ඇල්ල – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ ඇල්ල රාවණා ඇල්ල පහළ ප්‍රදේශයේදී මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළී තිබෙනවා.
අනතුරින් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබුණා.
අනතුර සිදුවන අවස්ථාවේදී කාන්තාව විසින් අදාළ මෝටර් රථය ධාවනය කර ඇති අතර අනතුරට ලක්ව ඇත්තේ තිස්සමහාරාමය ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකු බව පොලීසිය පැවසුවා.














