අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මෙක්සිකෝවෙන් සහ යුරෝපා සංගමයෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා 30%ක තීරුබදු පනවා තිබෙනවා.
මෙම නව තීරුබදු පැනවීම සිදුකර ඇත්තේ, අගෝස්තු මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදියි.
මෙම තීරුබදු පැනවීමේ තීරණයට එරෙහිව කටයුතු කරන්නේ නම් අදාළ වෙළඳ හවුල්කරුවන් වෙත ඊටත් වඩා ඉහළ ආනයන බදු පනවන බවට ට්‍රම්ප් අනතුරු අඟවා තිබෙනවා.
ප්‍රධාන වෙළෙඳ හවුල්කරුවන් සමග සති ගණනාවක් පුරා පැවැති සාකච්ඡා හරහා පුළුල් වෙළෙඳ ගිවිසුමකට එළැඹීමට අපොහොසත් වීමත් සමග අමෙරිකානු ජනාධිපතිවරයා විසින් මෙලෙස බදු පැනවීම් සිදු කිරීමට පියවර ගෙන තිබෙනවා.
නව තීරු බදු හේතුවෙන් යුරෝපා සංගමයේ සහ මෙක්සිකෝවේ ආර්ථිකයට මෙන්ම ගෝලීය සැපයුම් දාමයන්ට ද දැඩි බලපෑමක් එල්ල වනු ඇතැයි අපේක්ෂා කෙරෙන බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.