2025 ආසියානු කුසලාන තරඟාවලිය සැප්තැම්බර් 09 වනදා සිට සැප්තැම්බර් 28 වනදා දක්වා ඩුබායි සහ අබුඩාබීහි සත්කාරකත්වයෙන් පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සූදානම් කර ඇති බව වාර්තා වනවා.
කෙසේ වෙතත් තරඟාවලියට අදාළ තරඟ 19 අතුරින් 18 කම තරඟ ආරම්භක වෙලාව සංශෝධනය කිරීමටයි තරඟ සංවිධාකයින් තීරණය කර ඇත්තේ.
විදෙස් මාධ්‍ය පවසන්නේ මෙම දිනවල එක්සත් අරාබී එමීර් රාජ්‍යයේ පවතින අධික උණුසුම් තත්වය ඊට හේතු වී ඇති බවයි .
ඒ අනුව තරඟ ආරම්භය පෙර සැලසුම් කළ වේලාවව වඩා විනාඩි 30 කින් දීර්ඝ කර තිබෙනවා.
ඒ අනුව අදාළ තරග ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 8.00 ට තරඟ ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවද සදහන්.
තරඟ 18 ක්ම රාත්‍රී 08.00 ට ආරම්භ වනවා.
නමුත් සැප්තැම්බර් 15 වනදාට යෙදී ඇති එක්සත් අරාබි එමීර් – ඕමාන් තරඟය, තරඟාවලියේ එකම දිවා තරඟය ලෙස පැවැත්වෙනවා.
මේ අතර සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරගය හෙට පැවැත්වෙනවා.
මෙරට වේලාවෙන් පස්වරු 05.00 ට එම තරගය හරාරේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතයි.
තරග තුනකින් සමන්විත මෙම තරගාවලියේ පළමු තරගය ලකුණු 04 කින් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.