ආසන පටි නීතිය ඉදිරියේදී දැඩිව ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව ගාල්ල දිස්ත්‍රික් ප්‍රවාහන කමිටුවට සහභාගී වෙමින් ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසන ලදී.
අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසුවේ,
“2,350 මැරෙනවා අවුරුද්දකට. තව 6,000 විතර මාරාන්තික තුවාල ලබනවා. ඒක නිසා 2025 සහ 2026 අවුරුද්දට ප්‍රවාහන අමාත්‍යංශයෙන් අපි ඉදිරිපත් කරලා තියෙනවා රෝඩ් සේෆ්ට් ප්ලෑන් එකක්. ඒ යටතේ, සීට් බෙල්ට් ප්ලෑන් එකක් impose කරන්න. කොහොමත් අපි ගැසට් එක ගහනවා. දැනුත් impose කරලා තියෙන්නේ 2011 අවුරුද්දෙ ඉඳන්. කවුරුත් ගණන් ගන්නෙ නෑ. හයිවේ යනවා සීට් බෙල්ට් දාන්නෙ නැතුව. ඒ නිසා අපි 2,300ක් මැරෙන එක 2,000කට අඩු කරන්න පුළුවන්. අපි සැප්තැම්බර් 30 දාලා තියෙනවා සියලුම අධිවේගී මාර්ගවලට. මට මතක විදියට අපි කියනවා සීට් බෙල්ට් දාන එක මගීන්ට. මොකද ගොඩක් බස්වල අනිවාර්යෙන්ම සීට් බෙල්ට් තියනවා. ඒ නිසා අනිවාර්යෙන්ම නීතිය ක්‍රියාත්මක කරලා එක්කො තහනම් කරනවා බස්. නැත්නම් ලයිසන් කැන්සල් කරනවා.”