රජය විසින් ආනයන සීමා ඉවත් කිරීමත් සමඟ භාවිත කළ මෝටර් රථවල දෙවැනි කාණ්ඩය ජපානයේ සිට අද රාත්‍රියේ හම්බන්තොට වරායට ළඟා වීමට නියමිතයි.
එහි පළමු කාණ්ඩය පෙරේදා තායිලන්තයේ සිට කොළඹ වරායට ළඟා වුණා.
ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරිංචිගේ සදහන් කළේ, මාර්තු අවසානය වන විට වාහන 4000ක් ගෙන්වීමට සැලසුම් කර ඇති බවයි.