අහුංගල්ල, පාතේගම ප්‍රදේශයේදී පුද්ගල ඝාතනයක් සිදුව තිබෙනවා.
පොලිසිය කියා සිටියේ පෞද්ගලික ආරවුලක් දුරදිග යාම හේතුවෙන් පුද්ගලයෙකු විසින් කාන්තාවකට ගලකින් පහරදීම හේතුවෙන් බරපතල තුවාල ලබා බලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 43ක් පමණ වූ පාතේගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි.
සැකකරු මරණකාරියගේ ඥාතියෙකු වන අතර ඝාතනයෙන් පසුව සැකකරු ප්‍රදේශයෙන් පලාගොඩස් ඇති බවයි පොලිසිය පවසනවා.
සිද්ධිය සම්බන්ධයෙන් අහංගල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.











