අලි මිනිස් ගැටුම පාලනය කිරීම සඳහා සිවිල් ආරක්ෂක භටයන් බඳවා ගැනීමට තීරණය කර ඇති බවට වාර්තා වනවා.
ජනාධිපතිවරයා සමග පැවැති සාකච්ඡාවකදී එම තීරණයට එළැඹි බවත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙසත් ජනාධිපතිවරයා විසින් සිවිල් ආරක්ෂක බලකායේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් දී ඇති බවත් පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා පවසනවා.
ඒ අනුව අවශ්‍ය සිවිල් ආරක්සක භටයින් සංඛ්‍යාව සම්බන්ධයෙන් තොරතුරු ලබාදෙන ලෙස වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබාදුන් බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.
අලි මිනිස් ගැටුම පාලනය කිරීම සඳහා බඳවා ගැනීමට යෝජිත සිවිල් ආරක්ෂක භටයන් සඳහා දැනට ලැබෙන වැටුපට අමතරව තවත් ගෙවීමක් කිරීමට නියමිත බවද වාර්තා වනවා.