අලි-මිනිස් ගැටුම වැළැක්වීම සඳහා රජය මේ දක්වා ගෙන තිබෙන ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වනජීවී අමාත්‍යවරයා ඇතුළු පිරිසකට අභියාචනාධිකරණය නියෝග කර තිබෙනවා.
මෙම කරුණට අදාළව පාරිසරික යුක්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් මෝසමක් මාර්ගයෙන් සලකා බැලීමෙන් අනතුරුවයි මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.
දමිත් තොටවත්ත සහ සරත් දිසානායක යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කර තිබුණා.
අලි මිනිස් ගැටුම අවම කිරීම සඳහා ගත යුතු යෝජනා මාලාවක් පරිසර යුක්ති කේන්ද්‍රය වග උත්තරකරුවන් වෙත ඉදිරිපත් කර තිබුණද ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග කිසිවක් ගෙන නොමැති බවයි අදාග මෝසමේ දක්වා ඇත්තේ..
ඒ අනුව අලි මිනිස් ගැටුම අවම කිරීම සඳහා ගෙන තිබෙන ක්‍රියාමාර්ග පිළිබඳව අධිකරණයට දැනුම් දෙන ලෙස වගඋත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කරන ලෙසද මෙම මෝසම මගින් ඉල්ලා තිබුණා.
උණුසුම් පුවත්
- නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද
- ජනවාරි මාසයේ අපනයන ආදයම වාර්තා ගත ලෙස ඉහළට
- විදුලි ගාස්තු සංශෝධනය සදහා මහජන අදහස් විමසීම අද සිට
- ප්‍රදේශ රැසකට අද පස්වරුවේ වැසි
- ශ්‍රී පාද වන්දනාවේ පැමිණ ආපසු යමින් තිබු මෝටර් රථයක් අනතුරට
- ලිදුල අග්‍රාඔය යකඩ පාලම කැඩී යෑමෙන් පවුල් 800ක් පමණ දැඩි ලෙස පීඩාවට
- ඉදිරි පැය 36ට කාලගුණ තත්ත්වය
- කොළඹට විශේෂ රථ වාහන සැලස්මක්












