පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාතන් අර්චුනා මහතාට එරෙහිව පරීක්ෂණයක් සිදු කිරීම සදහා මේ වන තෙක් කිසිදු පැමිණිල්ලක් ලැබී නොමැති බව කතානායක අශෝක රන්වල මහතා පවසනවා .
ඔහු මේ බව සදහන් කලේ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින් .
අදාළ සිදුවීම මුල් කර ගනිමින් වැරදි අර්ථකතන ලබා දීමට ඇතැම් පිරිස් උත්සහගන්නා බවද කතානායකවරයා සදහන් කළා.