අන්තර් පාසල් රග්බි තරගාවලිය යටතේ හෙට දිනයේ තරග දෙකක් පැවැත්වීමට නියමිතයි.
ඒ අනුව මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ රාජකීය විද්‍යාලය අතර පළමු තරගය පැවැත්වෙනවා.
ත්‍රිත්ව විද්‍යාලයීය රග්බි ක්‍රීඩාංගණයේදී මෙම තරගය පස්වරු 4 ට ආරම්භ වනු ඇති.
එමෙන්ම අපරාජිත කණ්ඩායම් දෙකක් වන ශාන්ත තෝමස් සහ ඉසිපතන විද්‍යාල අතර තරගය ද හෙට පස්වරු 4 ට පැවැත්වීමට නියමිතයි.
ඒ, ශාන්ත තෝමස් විද්‍යාලයීය ක්‍රීඩංගණයේදීයි.
මෙම තරගවල ප්‍රතිඵලට අනුව ප්‍රසාද ලකුණු පුවරුව සැකසෙනු ඇති .
මේ අතර “ඒ” කාණ්ඩයේ පළමුවැනි කොටසේදී ප්‍රසාද ලකුණු සටහනේ වෙස්ලි විදුහල පෙරමුණේ රැඳී සිටිනවා. ඒ, ප්‍රසාද ලකුණු 23 ක් සමගින්.
“ඒ” කාණ්ඩයේ දෙවැනි කොටසේදී ශාන්ත තෝමස් සහ ඉසිපතන විදුහල් පෙරමුණේ සිටින අතර දෙපිලම තරග 4 කදී අපරාජිතව සිටිමින්, ප්‍රසාද ලකුණු 24 බැගින් ලබා ගෙන සිටිනවා.