හිමාචල් ප්‍රදේශයේ සෝලාන් දිස්ත්‍රික්කයට බලපෑ අධික වැසි හමුවේ ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන් හත්දෙනෙකු මිය ගොස් තිබෙනවා.
කෙසේ වෙතත් හයදෙනෙකු බේරා ගැනීමට සමත් වූ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.
නිවාස දෙකක් ද නායයෑමට ලක්ව තිබෙනවා.
මෙම ආපදා තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක් වූ පවුල්වලට අවශ්‍ය සහනාධාර සහ ආරක්ෂිත ස්ථානවලට යොමු කිරීමට පියවර ගනිමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ.