2026 අයවැය යෝජනා ඉදිරිපත් කිරීමට අදාළ පූර්ව අයවැය සැලසුම සහ සංවර්ධන දිශානතිය සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ මුදල් අමාත්‍යාංශ නිලධාරීන් අතර ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම සාකච්ඡා පැවැත්වුණා. එම සාකච්ඡාවේදී ඉදිරි අයවැය සකස් කිරීම සම්බන්ධ වත්මන් තත්ත්වය පිළිබඳ ජනාධිපතිවරයා විසින් මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ගෙන් විමසීමක් සිදු කර තිබෙනවා. එහිදී මුදල් අමාත්‍යංශ නිලධාරීන් සදහන් කර සිටියේ මේ වන විට අයවැය යෝජනා කැඳවීමේ චක්‍රලේඛය නිකුත් කර ඇති බවයි. අදාළ වියදම් සීමා තුළ ඒ ඒ ආයතනවලට අදාළව අයවැය ඇස්තමේන්තු ඉදිරිපත් කිරීමට ලබන 31 වැනිදා දක්වා කාලය ලබා දී ඇති බවද එහිදී මුදල් අමාත්‍යාංශ නිලධාරීන් ජනාධිපතිවරයා වෙත දන්වා ඇතැයි සඳහන්. ඉදිරි අයවැය සැලසුම් කිරීමේදී පවත්නා තත්වයෙන් රට ඉහළට ඔසවා තැබීම සඳහා වැදගත් වන අංශයන්ට ප්‍රමුඛතාව දීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළා. ඒ අනුව, ඩිජිටල්කරණය, පොදු ප්‍රවාහනය බල ගැන්වීම, ග්‍රාමීය ප්‍රජාව ආර්ථිකයට දායක කර ගැනීම ආදී කරුණු මූලික කර ගත් ව්‍යාපෘති කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන ලෙසයි ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දී ඇත්තේ. එමෙන්ම ව්‍යාපෘති සඳහා මුල්‍ය ප්‍රතිපාදන ලබා දීම පමණක් ප්‍රමාණවත් නොවන බවත්, අදාළ ව්‍යාපෘතිවල ප්‍රතිලාභ ජනතාව වෙත ලැබීම සම්බන්ධයෙන් අවශ්‍ය යාන්ත්‍රණය බල ගැන්විය යුතු බවද ජනාධිපතිවරයා අවධාරණය කළා. කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු , ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම යන මහත්වරු සහ මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙම එක්ව සිට ඇති බවයි වාර්තා වුණේ.
උණුසුම් පුවත්
- දේශබන්දුට එරෙහි කමිටු වාර්තාව කතානායක අතට?
- ජෙනරේටරයට තෙල් නොදීම නිසා අඳුරේ ගිලෙන හැටන් දුම්රිය ස්ථානය
- මීමුරේ වෑන් අනතුරින් දෙදෙනෙකුට දිවි අහිමිවෙයි
- සජබ මන්ත්‍රී ජගත්ගේ පුතා අත්අඩංගුවට
- ප්‍රධාන දුම්රිය ස්ථාන 100 ක් නවීකරණය කිරීමේ සූදානමක්
- මංගල සභාවට සභාපති දැම්ම යෝජනාව ආණ්ඩු පක්ෂයත් විපක්ෂයත් ප්‍රතික්ෂේප කරයි
- ගසක අත්තක් කඩා වැටී පුද්ගලයෙකු මරුට
- සිරියාවේ පාර්ශව දෙකක් අතර ගැටුම මර්දනය කිරීමට විශේෂ හමුදාවක්