අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීම සදහා ඇමෙරිකානු ඩොලර් මිලියන දහසක ණය ආධාර යෝජනා ක්‍රමය ඉදිරි වසරක කාලයක් සදහා දීර්ඝ කර තිබෙනවා.
ඒ අනුව 2024 මාර්තු මාසය දක්වා මෙම ණය පහසුකම භාවිතා කිරීමට ශ්‍රී ලංකා රජයට අවස්ථාව හිමි වෙනවා.
සංශෝධන ගිවිසුම අද මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා, මුදල් අමාත්‍යාංශයේ ජේ්‍යෂ්ඨ නිලධාරින් සහ කොළඹ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරින් ඉදිරිපිටදී අත්සන් තැබුණා.
පසුගිය වසරේ සිට මෙම ණය පහසුකම ශ්‍රී ලංකා රජයේ අවශ්‍යතා සහ ප්‍රමුඛතා අනුව ඉන්ධන, ඖෂධ, ආහාර ද්‍රව්‍ය සහ කාර්මික අමුද්‍රව්‍ය කඩිනමින් මිලදී ගැනීම සදහා භාවිතා කිරීමට නියමිතයි.