ඊයේ (08) රාත්‍රියේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය ගුවන්තොටුපොළ ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ පැමිණීමේ පර්යන්තයේදී නීති විරෝධි දුම්වැටි 7600 ක් (කාටූන් 28) සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු වයස අවුරුදු 20 ක් වන ඇලබඩගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි සඳහන් වන්නේ.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය ගුවන්තොටුපොළ ඒකකය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.