විදේශීය නිෂ්පාදිත දුම්වැටි කාටූන් 461ක් නීතිවිරෝධී ලෙස රැගෙන මෙරටට ඇතුළු වීමට තැත් කළ විදේශීය කාන්තාවක ඇතුළු ගුවන් මගීන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අදාළ අත් අඩංගුවට ගැනීම සිදුකර ඇති බව සඳහන්.
අත්අඩංගුවට ගත් දුම්වැටිවල වටිනාකම රුපියල් එක් කෝටි තිස් හත් ලක්ෂ හත්සිය හැට පහක් පමණ වන බවයි ගණන් බලා ඇත්තේ.