
වියට්නාමය තුළ මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ මහා පරිමාණ ජාවාරමකට සම්බන්ධ පුද්ගලයින් 11 දෙනෙකුට එරට අධිකරණයක් විසින් මරණ දඬුවම නියම කර තිබෙනවා. මෙම නඩුවට අදාළව පුද්ගලයින් 227 දෙනෙකුට චෝදනා එල්ල වී තිබූ අතර, ඔවුන්ට මාස 18 සිට ජීවිතාන්තය දක්වා වන සිරදඬුවම් නියම කළා. ඉන් 20 දෙනෙකුට ආසන්න සංඛ්‍යාවකට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වී ඇති බව සඳහන්. වියට්නාමය යනු තවමත් මරණ දඬුවම ක්‍රියාත්මක වන රටවල් අතුරින් එකක් වනවා . එහි මරණ දඬුවම නියම වූ 1,000කට වැඩි පිරිසක් සිටින බව මානව හිමිකම් සංවිධාන පවසනවා.














