
220kv සහ 132kv වෝල්ටීයතා සම්ප්‍රේෂණ මාර්ග යට, කුළුණු සහ ග්‍රිඩ් උපපොළවල් ආසන්නයේ හෝ ඒ අවට ප්‍රදේශවල සරුංගල් යැවීමෙන් වළකින ලෙස ජාතික පද්ධති ක්‍රියාකරු පුද්ගලික සමාගම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම සඳහන් කර සිටියේ, සරුංගල් සහ ඒවායේ නූල් විදුලි සම්ප්‍රේෂණ මාර්ගවල පැටලීම හේතුවෙන් අවස්ථා ගණනාවකදීම සම්ප්‍රේෂණ මාර්ග ක්‍රියා විරහිත වීමේ සිදුවීම් වාර්තා වූ බවයි. මෙවැනි සිදුවීම් විදුලිදෝෂ ඇති කිරීමටත්, සම්ප්‍රේෂණ මාර්ග ස්වයංක්‍රීයව විසන්ධි වීමටත් හේතුවිය හැකි බවත් අදාළ නිවේදනයේ සඳහන්. සම්ප්‍රේෂණ මාර්ගවල පැටලී ඇති සරුංගල් සහ නූල් ආරක්ෂිත හා පාලිත ක්‍රියාපටිපාටි යටතේ මේ වනවිට අතින් ඉවත් කිරීම් සිදුවන බවයි හම සමාගම සඳහන් කරන්නේ. ඒ හේතුවෙන් මෙවැනි සිදුවීම් ජාතික විදුලි පද්ධතියේ ස්ථායිතාවයට සහ ආරක්ෂාවට බරපතළ බලපෑම් ඇති කළ හැකි බවත්, විදුලි ජනන ඒකක ක්‍රියාවිරහිත වීමටද හේතු විය හැකි බවත් ඔහුන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.














