එළැඹෙන උත්සව සමය වෙනුවෙන් දිවයින පුරා වෙළෙඳ සැල් පරීක්ෂා කිරීම ලබන සඳුදා දිනයේ සිට ආරම්භ කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන්ගේ සංගමය පවසනවා.
ඒ සඳහා දිවයින පුරා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 2000කට අධික පිරිසක් එක්වන බවයි එම සංගමය වැඩිදුරටත් කියා සිටියේ.
උත්සව සමයේදී මෙම පරීක්ෂා කිරීම් නිරන්තරයෙන් සිදු කිරීමටයි ඔවුන් බලාපොරොත්තු වන්නේ.













