
මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ දරුණු ගැටුම පාලනය කිරීම සඳහා වෙඩි තැබීමක් සිදුකළ බන්ධනාගාර නිලධාරියාව පල්ලෙකැලේ බන්ධනාගාරය වෙත තාවකාලිකව ස්ථාන මාරු කර තිබෙනවා. මේ බව සඳහන් කලේ බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ඒ.සී. ගජනායක මහතා විසින්. පසුගිය ජූලි 6 වනදා මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ප්‍රචණ්ඩ සිද්ධියේදී රැඳවියන් විසින් බන්ධනාගාරයේ අවසන් ලී දොරටුව ද කඩා පිටතට ඒමට උත්සාහ කළ අවස්ථාවේ දී බන්ධනාගාර නිලධාරියෙකු විසින් වෙඩි තැබීමක් සිදුකලා. තත්ත්වය පාලනය කිරීම සහ අදාළ නිලධාරීන්ගේ ජීවිත ආරක්ෂා කරගැනීම සඳහා අදාළ නිලධාරියා විසින් ගිනි අවිය භාවිත කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ. මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් මේ වන විට විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. මෙම බිහිසුණු ගැටුමෙන් මේ වන විට බන්ධනාගාර නිලධාරීන් 10 දෙනෙකු ඇතුළුව පුද්ගලයන් 31 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.














