
දේශීය වෙළෙඳපොළේ ඇසුරුම් නොකළ පොල්තෙල් අලෙවිය තහනම් කිරීමට පියවර ගනිමින් සිටින බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා. පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභාවේ අනුකාරක සභාව හමුවේ කරුණු දක්වමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් සමන්තා කරුණාසේන මහත්මිය මේ බව සඳහන් කළා. වෙළෙඳපොළේ පවතින පොල්තෙල්වලට වෙනත් ද්‍රව්‍ය මිශ්‍ර කිරීම සම්බන්ධයෙන් පවතින ගැටලු හේතුවෙන් මෙම පියවර ගැනීමටයි තීරණය කර ඇත්තේ.














