
විදේශ රටක සිට ගෙන්වන ලද කුෂ් හා හෂීෂ් මත්ද්‍රව්‍ය තොගයක් බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාස විසින් සොයාගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ, රැඳවුම් නියෝග මත සිටින සැකකරුවෙකුගෙන් අනාවරණය වූ තොරතුරු මත මෙම වැටලීම සිදුකර ඇති බවයි. ඒ අනුව, පුද්ගලික කුරියර් සේවාවක් මඟින් මෙරටට ගෙන්වන ලද කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 03 යි ග්‍රෑම් 599 ක් සහ හෂීෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 02 යි ග්‍රෑම් 409 ක් සොයාගෙන තිබෙනවා.














