පවතින අධික වර්ෂාපතනය හමුවේ දිස්ත්‍රික්ක කිහිපයකට අද පස්වරු 04.00සිට හෙට පස්වරු 04.00 දක්වා නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබෙනවා
ඒ අනුව බදුල්ල , කොළඹ ,කළුතර , මහනුවර යන දිස්ත්‍රික්ක සඳහා පළමු මට්ටමේ අනතුරු ඇගවීම් නිවේදනය නිකුත් කර ඇති බව සඳහන්.
එමෙන්ම කෑගල්ල ,කුරුණෑගල ,මොනරාගල , නුවරඑළිය ,රත්නපුරල්ල යන දිස්ත්‍රික්කයන් සඳහා අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
මේ අතර පවතින අයහපත් කාළගුණය හේතුවෙන් ප්‍රධාන දුම්රිය ගමන් වාර කිහිපයක් අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තුමේන්තුව තීරණය කර තිබෙනවා.
ඒ අනුව මෙලෙස අවලංගු කර ඇත්තේ අද දින ධාවනය වීමට නියමිතව තිබූ කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය හා බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වීමට නියමිතව තිබු රාත්‍රී තැපැල් දුම්රිය යි.
උණුසුම් පුවත්
- කාදිනල් හිමි සහ පාප්වහන්සේ අතර හමුවක්
- පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්නගේ වැඩ තහනම්
- අනතුරක් කර පළා යමින් සිටි මැදිරිගිරිය ප්‍රා.ස. සභාපතිගේ කැබ්රිය සහ රියදුරු අත්අඩංගුවට
- රතු නිවේදන නිකුත් කර තිබූ සැකකරුවෙක් දිවයිනට
- මෝටර් රථයක් සහ ලොරි රථයක් ගැටී ගමනාගමනයට බාධා
- ශ්‍රී ලංකා ඉනිම 219කට සීමා වෙයි
- එංගලන්ත – ශ්‍රී ලංකා දෙවන එක්දින තරගය අද
- සංචාරක පැමිණීමේ වැඩිවීමක්












