Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    2026-06-11

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    2026-06-11

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    2026-06-11
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට
    • 15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි
    • බිංගිරියේ පුද්ගල ඝාතනයක්
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • VIDEO සලේ වෙනුවෙන් කොටුවේ පැවති සත්‍යග්‍රහය අවසන්
    • ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ලියනගේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්
    • BREAKING NEWS UPDATE ශාන් විජයලාල් ජුනි 12 දක්වා රිමාන්ඩ්
    • තලවකැලේ – නුවරඑළිය බස් රියදුරන් සහ කොන්දොස්තරවරුන් විරෝධතාවක
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, ජූනි 17
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ආන්දෝලනාත්මක ත්‍රිකුණාමලය සිදුවීමේ නඩුවට අදාල පෙත්සම් කැදවීමට දින නියම කරයි

    ආන්දෝලනාත්මක ත්‍රිකුණාමලය සිදුවීමේ නඩුවට අදාල පෙත්සම් කැදවීමට දින නියම කරයි

    2025-11-19කියවීමට මිනිත්තු 2ක් ගතවේ.4 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ත්‍රිකුණාමලය ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරයේ කොටසක් කඩා ඉවත් කරන ලෙස වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව නිකුත් කළ නියෝගයට එරෙහි පෙත්සම දෙසැම්බර් 16 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කර තිබෙනවා.
    එම විහාරාධිපති පූජ්‍ය ත්‍රිකුණාමලයේ කල්‍යාණ වංශ තිස්ස ස්වාමින් වහන්සේ ගොනුකළ මෙම පෙත්සම අද කැඳවනු ලැබුවා.
    එහිදී පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරයා පැවසුවේ විහාරස්ථ භූමිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රදානයක් බවයි.
    ඉකුත් ජූලි මස 18 වනදා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලිපියක් එවමින් අදාල ඉඩමේ අනවසර ඉදිකිරීම කඩා ඉවත් කිරීමට නියෝග කර ඇති බව එම පෙත්සමේ දක්වා තිබුණා.
    ඊට එරෙහිව සිය සේවාදායකයා පරිසර අමාත්‍යංශ ලේකම් වෙත වෙරළ සංරක්ෂණ පනත ප්‍රකාරව අභියාචනා ඉදිරිපත් කළත් එය නිෂ්ප්‍රභ කෙරුණු බවත් නීතිඥවරයා සඳහන් කළා.

    විහාරාධිපති හිමියන්ට සවන් දීමකින් හෝ කරුණු විමසීමකින් තොරව අභියාචනය නිෂ්ප්‍රභ කිරීම සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවටත් නීතිඥවරයා චෝදනා කළා.
    මෙහිදී විනිසුරුවරු දෙපාර්ශවයේ නීතිඥවරුන්ට දැනුම් දුන්නේ මෙම කටයුතු අවසන් වන තුරු පාර්ශව කරුවන් අනවශ්‍ය ගැටලුවලට මැදිහත් නොවී සාමය ආරක්ෂා කර ගැනීමට වගබලා ගත යුතු බවයි.
    එවැනි කටයුතු හරහා යම් අවාසනාවන්ත සිද්ධියක් මතුවුවහොත් ඒ තුළින් රටට විශාල හානියක් සිදුවන බවත් මෙහිදී විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා දෙපාර්ශවයේ නීතිඥවරුන්ට පෙන්වා දුන්නා.
    ඒ අනුව අදාල පෙත්සම සලකා බැලීම සඳහා දෙසැම්බර් මස 16 වනදා කැඳවීමට නියෝග කළ විනිසුරු මඩුල්ල එම කටයුතුවල ප්‍රගතිය එදිනට දැනුම් දෙන ලෙසත් පාර්ශව කරුවන්ට නියෝග කළා.
    ි

    ආශ්‍රීත පුවත්:  රස්නෙයි නේද? පරිස්සමෙන් ඉන්න
    #sri lanka #vfm news Sinhala News Sri Lanka vfm
    පෙර පුව​තජනපති සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් අතර හමුවක්
    ඊළඟ පුව​ත අද සවස් කාලයෙත් තද වැසි – දිස්ත්‍රික්ක රැසකට නායයාමේ අනතුරු ඇගවීම්

    සබැ​ඳි පුවත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    අද දවසේ කාලගුණ තත්ත්වය

    VIDEO සලේ වෙනුවෙන් කොටුවේ පැවති සත්‍යග්‍රහය අවසන්

    ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ලියනගේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    2026-06-11

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    2026-06-11

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    2026-06-11

    අද දවසේ කාලගුණ තත්ත්වය

    2026-06-11
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකාවට එරෙහි බටහිර ඉන්දීය විස්සයි විස්ස බලඇණිය ප්‍රකාශයට පත් කරයි

    2026-06-09

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group