රට මුහුණ දී තත්ත්වය හමුවේ සන්සුන්ව අලුත් අවුරුද්ද සමරන ලෙස මල්වතු පාර්ශවයේ අනු නායක පුජ්‍ය දිඹුල්කුබුරේ සිරි විමලධම්ම හිමියන් පවසනවා.
අලුත් අවුරුද්ද වෙනුවෙන් ජනතාවට ආශිර්වාද එක්කරමින් මල්වතු පාර්ශවයේ අනු නා හිමියන් මේ බව ප්‍රකාශ කළා.
මේ අතර අස්ගිරි පාර්ශවයේ මහ නායක අති පුජ්‍ය වරකාගොඩ සිරි ඥාණරතන හිමියන්ද අලුත් අවුරුද්ද වෙනුවෙන් ජනතාවට ආශිර්වාද එක්කර තිබෙනවා.
අස්ගිරි පාර්ශවයේ මහ නායක හිමියන් සදහන් කළේ සියලු දෙනා සාමයෙන් යුතුව අලුත් අවුරුද්ද සැමරිය යුතුව ඇති බවයි.