චීනයේ සයිනොපෙක් සමාගම සමග ඇතිකර ගත් ගිවිසුමට අනුව පළමු ඉන්ධන තොග ඇණවුම ලබන මස මුල් සතිය වන විට මෙරටට ළඟා වනු ඇති බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක මහතා පවසනවා.
සියලුම සමාගම්වලට බලපාන පරිදි මිල සූත්‍රය භාවිත කරමින් ඉන්ධන සදහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බවත්, එමෙන්ම රටට ප්රතිලාභ අත්කර දෙමින් ඉන්ධන සැපයීමේ තරගකාරිත්වයක් ඇති කිරීම මෙහි ප්‍රධාන අරමුණ බවටයි රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.
ඉදිරියේදී සියලු පාර්ශවයන් සමග සාකච්ඡා කර ඊට සාපේක්ෂව ූඍ කේතය පිළිබදව තීරණයක් ගැනීමට අපේක්ෂ කරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියා.