හැටන් කුඩාගම ප්‍රදේශයේ නිවාස රැසක් ප්‍රදේශයට ඇද හැලෙන වර්ෂාවත් සමග නායයාමේ අවදානමකට ලක්ව ඇති බව අවදානමට ලක්ව සිටින එම නිවාසවල පදිංචිකරුවන් පවසනවා.
හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ කාපට් අතුරා ප්‍රතිසංස්කරණය කළ අවස්ථාවේ කොටසකට පමණක් ආරක්ෂිත පැති බැම්මක් ඉදිකළද එම ආරක්ෂිත පැති බැම්ම මේ වන විට ඉරි තලා නායයාමේ අවදානමකට පත්ව ඇති බවත් එම නිවාසවල පදිංචිකරුවන් එක්ව ඉතිරි කොටසටද ආරක්ෂිත පැති බැම්මක් ඉදි කළද එම පැති බැම්ම පවතින වර්ෂාවත් සමගින් සම්පූර්ණයෙන් කඩා වැටී ඇති බවයි පීඩාවට පත් නිවැසියන් පවසන්නේ.
ආරක්ෂිත පැති බැම්ම කැඩීයාම හේතුවෙන් තම නිවාස අසලම විශාල වශයෙන් පොළොව ඉරි තලා ඇති බවත් එම ස්ථානවලින් වැසි ජලය කාන්දු වීම නිසා ප්‍රධාන මාර්ගයට තම ඉඩම සහ නිවාස නායයාමේ දැඩි අවදානමක් පවතින නිසා කඩිනමින් ශක්තිමත් ආරක්ෂිත පැති බැම්මක් සකස් කරදෙන ලෙයසි හැටන් කුඩාගම පදිංචිකරුවන් කියා සිටිනේනේ.