අලුත් සහල් මංගල්‍යය සඳහා දිවයිනේ දිස්ත්‍රික්ක විසි පහක සහල් එකතු කිරීම අද ආරම්භ කෙරුණා.
ඒ අදාළ දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ මූලිකත්වයෙන්.
ගම්පහ – බියගම – උඩුපිල ගොවිජන සේවා මධ්‍යස්ථානයේදියි එහි සමාරම්භක උත්සවය අද පැවැත්වුනා.
මෙලෙස එක් රැස් කරන මහ කන්නයේ සහල් අස්වැන්න ලබන මස 1 වැනි දා සහ දෙවැනිදා ඓතිහාසික අනුරාධපුර ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස සිදු කෙරෙන අලුත් සහල් මංගල්‍යය සඳහා යොදා ගැනීමට නියමිතයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අප්‍රේල් මස 2 වැනි දා අලුත් සහල් මංගල්‍යය පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ.