එක්සත් රාජධානියේ ඇති මෙරටට අයත් පෞරාණික පුරාවස්තුවක් වන තාරා දෙව්දුවගේ පිළිමය නැවත මෙරටට ලබා ගැනීම සඳහා කටයුතු කෙරෙමින් පවතින බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ ජාතික පුරාවිද්‍යා දිනය නිමිත්තෙන් පැවති පුරාවිද්‍යා සමුළුවේ සමාරම්භක උත්සවයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.