දිවුලපිටිය ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන තිබෙනවා.
දිවුලපිටිය, හොරගස්මුල්ල ප්‍රදේශයේ පිහිටි ටයර් කර්මාන්ත ශාලාවක මෙලෙස ගින්න හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.
ගින්න මැඩ පැවැත්වීම සඳහා ගිනි නිවීමේ රථ පහක් මේ වන විට යොමු කර ඇති බව ගම්පහ ගිනි නිවීමේ ඒකකය පවසනවා.