
අධිවේගී මාර්ගවල ධාවනය කෙරෙන සියලුම වාහනවල ගමන් ගන්නා සියලුම මගීන් අද සිට ආසන පටි පැළඳීම අනිවාර්ය වනවා.
ඒ මීට වසරකට පමණ ඉහතදී ප්‍රකාශයට පත්කෙරුනු නීති ප්‍රකාරවයි. අධිවේගී මාර්ගවල ගමන් ගන්නා සියලු මගීන් ආසන පටි පැළඳිය යුතු බවට මීට වසරකට පෙර නීති ප්‍රකාශයට පත්කෙරුණද එය ක්‍රියාත්මක නොවූයේ ඇතැම් වාහනවල පසුපස මගීන් සඳහා ආසන පටි නොමැතිවීම හේතුවෙන්.














