Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..

    2026-03-16

    ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්

    2026-03-16

    රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි

    2026-03-16
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..
    • ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
    • රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි
    • බුද්ධ ප්‍රතිමාවක් සහ මැණික් ගල් සමග සැකකාරියන් තිදෙනෙක් ඇතුළු 5ක් අත්අඩංගුවට
    • බිලියන 3ක හෙරොයින් එක්ක බහුදින යාත්‍රාක් දික්ඕවිට වරායට
    • සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
    • ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
    • රෝහල් ගත කිරීමෙන් පසු පුද්ගලයෙකු මරුට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, මාර්තු 19
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » නේපාලයේ කඳු ශිඛර 97කට නොමිලේ නගින්න අවස්ථාව

    නේපාලයේ කඳු ශිඛර 97කට නොමිලේ නගින්න අවස්ථාව

    2025-08-15කියවීමට මිනිත්තු 2ක් ගතවේ.42 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මෙම පියවර ගෙන ඇත්තේ නේපාලයේ දුරස්ථ ප්‍රදේශ ආශ්‍රිතව සංචාරක කටයුතු ප්‍රවර්ධනය කිරීමේ අදහසිනි. බලධාරීන්ට අනුව මෙම තීරණය ඉදිරි වසර දෙකක කාලයක් ක්‍රියාත්මකව පවතිනු ඇත.

    සැප්තැම්බරයේ සිට ආරම්භ වන සංචාරකයන් බහුල වන සමයේදී ලොව උසම කඳු මුදුන වන එවරස්ට් තරණය කිරීම සඳහා අවසර පත්‍ර ගාස්තුව ඇමරිකානු ඩොලර් 15,000 දක්වා ඉහළ නගී.

    නේපාලය සංචාරක අමාත්‍යංශයට අනුව මෙම බලපත්‍ර ගාස්තු කපාහැරීම මගින් නේපාලය සංචාරක නිෂ්පාදනවලට හා ගමනාන්තවලට ඉහළ ආකර්ශනයක් හිමිවනු ඇත.

    කඳු ශිකර තරණයට නේපාලයේ දේශීය ආදායම් ප්‍රභව අතරින් ඉහළ ස්ථානයක් හිමි වේ. ලෝකයේ උසින් වැඩිම කඳු ශිඛර 10ක් නේපාලයේ පිහිටා ඇත. කඳු තරණය හරහා පසුගිය වසරේ නේපාලය ඉපයූ ආදායමින් හතරෙන් තුනකට වඩා එනම් ඩොලර් මිලියන 5.9ක්ම එය උපයා ගනු ලැබුවේ එවරස්ට් තරණයට අය කළ ගාස්තුවලිනි.

    නව තීරණයට අදාළ කඳු මුදුන් පිහිටා ඇත්තේ නේපාලයේ කර්කාලි හා සුදුර්පශ්චිම් ප්‍රාන්තවලය. ඒවා මුහුදු මට්ටමින් මීටර් 5970 -7132 අතර උසක පිහිටා තිබේ. මෙම ප්‍රාන්ත දෙකම නේපාලයේ බටහිර අන්තරයේ පවතින දිළිඳු හා ඌන සංවර්ධිත ප්‍රදේශ වේ.

    ‘කලාපයේ මනස්කාන්ත පරිසරය හැරුණු විට එය මෙතෙක් අඩු සංචාරක අවධානයකට ලක්වූ ප්‍රදේශයක්. තරණය කිරීම සඳහා සුදුසු අප්‍රකට ශිඛර රැසක්ම එහි තිබෙනවා. නව පියවර හරහා ප්‍රදේශයට ඉහළ අවධානයක් යොමු කර ගැනීමයි අපේ අරමුණ, එමගින් ඔබට රැකියා අවස්ථා උදාවේවි. ආදායම සරුවේවි. රටේ ආර්ථිකය වර්ධනය වේවි.’

    කත්මන්ඩු පෝස්ට් පුවත්පතකට ප්‍රකාශයක් කරමින් නේපාල සංචාරක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ හිමාල් ගෞතම් ප්‍රකාශ කොට තිබුණි.

    කෙසේ වුවත් මෙම ප්‍රදේශ සංචාරක කටයුතු සඳහා විවෘත කිරීම පිණිස එහි යටිතල පහසුකම් සංවර්ධනය කරන්නේ කෙසේද යන්න අනාවරණය වී නැත. එසේම එහි වැසියන් සංචාරක කඳු නගින්නන් සඳහා දක්වන ප්‍රතිචාර කෙබඳු වේද යන්නද ගැටලුවකි.

    කඳු නැගීමේ බලපත්‍ර ගාස්තු නිදහස් කිරීමට යෝජිත ශිඛර 97න් බොහෝමයක් එතරම් ප්‍රකට ඒවා නොවේ. නමුත් පසුගිය දෙවසර තුළ ඉන් 68කට අවධානය යොමු වී ඇත. 2024දී එවරස්ට් කන්ද තරණය කිරීම සඳහා පමණක් අවසර පත්‍ර 421ක් නිකුත් කොට තිබුණි.

    පසුගිය වසරේ අප්‍රේල් නේපාල අධිකරණය රජයට නියෝග කළේ එවරස්ට් තරණය සඳහා නිකුත් කරන අවසර පත්‍ර සංඛ්‍යාව සීමා කරන ලෙසිනි. ඊට සමගාමීව තවත් කඳු ශිඛර ගණනාවකම අවසර පත්‍ර පහත හෙළන ලෙසද එමගින් ප්‍රකාශ විය.

     

    පෙර පුව​තBREAKING NEWS : හිටපු රාජ්‍ය ඇමැති ලොහාන් අභාවප්‍රාප්ත වෙයි
    ඊළඟ පුව​ත කිරිබත්ගොඩ කෙස් බිස්නස් එකක්

    සබැ​ඳි පුවත්

    ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්

    සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි

    ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්

    කුවේට් ගුවන් තොටුපොළේ ඉන්ධන ටැංකිවලට ඩ්‍රෝන ප්‍රහාරයක්

    ටෙහෙරානයේ ඉන්ධන ගබඩා සංකීර්ණයකට ප්‍රහාරයක්

    පළමු වතාවට අසර්බයිජානයටත් ප්‍රහාරයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..

    2026-03-16

    ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්

    2026-03-16

    රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි

    2026-03-16

    බුද්ධ ප්‍රතිමාවක් සහ මැණික් ගල් සමග සැකකාරියන් තිදෙනෙක් ඇතුළු 5ක් අත්අඩංගුවට

    2026-03-16
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group