විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සහ ශ්‍රී ලංකාවේ ඉරාන තානාපතිවරයා අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
ඊශ්‍රායලය සහ ඉරානය අතර ඇති කරගත් සටන් විරාමය පිළිබදව මෙහිදි අවධානය යොමුවූ බව සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කළේ.
කලාපීය සාමය සහ ස්ථාවරත්වය සඳහා තිරසර රාජතාන්ත්‍රික උත්සායන්හි වැදගත්කම සහ මෙම සාකච්ඡාවේ දී ඉරාන තානාපතිවරයාට අවධාරණය කළ බව අමාත්‍යවරයා පවසනවා.
තවදුරටත් ගැටුම් උත්සන්න වීම කලාපයට සහ ශ්‍රී ලංකාවට සිදුකරන බලපෑම් පිළිබඳව මෙන්ම ඉරානයේ සිටින ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව ද මෙහිදි සාකච්ඡා වු බව විජිත හේරත් අමාත්‍යවරයා සිය සටහන මඟින් දැනුම් දී තිබෙනවා.