වෙනත් ප්රදේශවල සිට කොළඹ දක්වා පැමිණෙන කාර්යාල දුම්රිය සේවා දහතුනක් අද කාර්යාල වේලාවට ක්රියාත්මක වන බව ජනාධිපති කාර්යාලය නිවේදනය කරනවා .
මෙම කාර්යාල දුම්රිය සේවා ක්රියාත්මක වන්නේ අවිස්සාවේල්ල, හලාවත, රඹුක්කන, ගනේවත්ත, මහව, මහනුවර, බෙලිඅත්ත, ගාල්ල, අලුත්ගම සහ කළුතර දකුණ සිට කොළඹ දක්වායි .
ජනාධිපති කාර්යාලය වැඩි දුරටත් සදහන් කලේ මගීන්ගේ සහ දුම්රිය සේවකයන්ගේ ආරක්ෂාව සහතික කිරීම වෙනුවෙන් පොලිස් ආරක්ෂාව ද යොදවන බවයි.