බන්ධනාගාර රෝහලේ සිට කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යැවුණු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 26 වැනිදා දක්වා ඊයේ(22) රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
වෛද්‍යවරුන් විසින් පරීක්‍ෂා කිරීමෙන් අනතුරුව හිටපු ජනාධිපතිවරයා ඊයේ (22) රාත්‍රී බන්ධනාගාර රෝහලට ඇතුළත් කෙරුණු අතර ඉන් අනතුරුව අද(23) පස්වරුවේ කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යැවුණා.
රුධිර පීඩනය ඉහළ යාම සහ සීනි මට්ටම ඉහළ යාම හේතුවෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙලෙස බන්ධනාගාර රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.
එසේම හිටපු ජනාධිපතිවරයාට සිය නිවසින් ආහාර ලබාදීමටද වෛද්‍යවරුන් නිර්දේශ කර තිබුණේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් අඛණ්ඩව සිදු කෙරුණු නිරීක්ෂණ හේතුවෙන්.
හිටපු ජනාධිපතිවරයාට නිවසින් ආහාර ලබාදීමට බන්ධනාගාර මූලස්ථානයේ අනුමැතියද ලැබී ඇති බවයි වාර්තා වන්නේ.